ඉන්දියාව ඊයේ (16දා) රටපුරා කොවිඩ්-19 සඳහා එන්නත් කිරීමේ දැවැන්ත මෙහෙයුම ආරම්භ කරනු ලැබීය.
රටේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයට අනුව, ඊයේ සවස 5:30 වනවිට සෞඛ්‍ය සේවකයන් 165,714ක් එන්නත් කිරීමට හැකිවී තිබේ.
රට පුරා සැසි 3,351ක් සඳහා පුහුණු එන්නත්කරුවන් 16,755ක් ඊයේ දිනයේ වැඩසටහනට සහභාගී වූ බව අමාත්‍යාංශය පවසයි.
ඉන්දීය රජය විසින් මෙම මාසය මුලදී එන්නත් දෙකක් සඳහා හදිසි අනුමැතිය ලබා ලබාදී ඇති අතර, ඉන් එකක් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ දේශීය නිෂ්පාදනයක් වන කොවැක්සින් එන්නතයි.
එක්සත් ජනපදයෙන් පසු ලොව දෙවැනි වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් ඉන්දියාව විසින් වාර්තා කර ඇති අතර, මිලියන 10.5කට වඩා තහවුරු වී ඇති ආසාදිතයන්ගෙන් 152,000කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ.