නව කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා මැයි 9දා දක්වා සමස්ත පාකිස්තානය අගුලු දැමීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය අසාද් උමාර් නිවේදනය කරයි.
සියලුම පළාත් ආණ්ඩු සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එලැඹි බව අමාත්‍යවරයා පැවසීය.
පාකිස්තානයේ කොරෝනා වෛරස ආසාදිතයන් රෝගීන් 11,940ක් සහ මරණ 253ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි. පාකිස්තානයේ සුවය ලැබූවන් සංඛ්‍යාව 2,755කි.
මේ අතර, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25,000 සීමාවට ළඟා වී ඇති අතර, එය අද අලුයම වාර්තා වූයේ 24,447ක් ලෙසිනි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව මේ වනවිට මරණ 780ක් වාර්තා වෙයි. එරට සුවය ලැබූවන් සංඛ්‍යාව 5,496කි.