නේපාලයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ අසල්වැසි ඉන්දියාව වසංගතයේ දෙවැනි රැල්ල හමුවේ කඩා වැටෙමින් පවතින වාතාවරණයක, කොවිඩ්-19 ආසාදිතයන්ගේද ශීඝ්‍ර වැඩිවීමකට නේපාලයද මුහුණ දී සිටින බවයි.
ඊයේ (27දා) දිනය වනවිට නේපාලයේ අවම වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 4,364 ක් වාර්තා වී ඇති අතර, ඊට පෙර දිනයේ නව ආසාදිතයන් 3,442ක් වාර්තා වී තිබුණේ කත්මණ්ඩු අගනුවරින් වාර්තා වූ වැඩිම ආසාදන සංඛ්‍යාවද සනිටුහන් කරමිනි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය විසින් පළ කරන ලද දත්තවලට අනුව, ලුම්බිනි පළාතේ මායිම් නගරය වන නේපාලගුන්ජ් කොවිඩ්-19 උණුසුම් ස්ථානයක් බවට පත්ව ඇත.
රෝගය පැතිරීම මැඬපැවැත්වීම සඳහා කත්මණ්ඩු, භක්තපූර් සහ ලලිත්පූර් වැනි නගරවල දින 15ක් පුරා තහනම් නියෝග හෝ දේශීය අගුලු දැමීම් සිදුකර ඇති අතර, ඒවා බ්‍රහස්පතින්දා පෙ.ව. 6.00 ට ආරම්භ වේ.
මවුන්ට් එවරස්ට් කඳවුරේ සමහර සංචාරකයින් ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති නමුත් නේපාල රජය එම වාර්තා ප්‍රතික්ෂේප කරයි.
කඳු නගින්නන්ගේ නේපාල සංචාරක මණ්ඩලයේ අධ්යක්ෂ මිරා ආචාර්යා සීඑන්එන් වෙත පැවසුවේ බේස් කඳවුරේ කඳු නගින්නන්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට නිල දැනුම් දීමක් ලැබී නොමැති බවයි.