ඉන්දුනීසියාවේ ප්‍රධාන ජාවා දූපතේ වෙරළ තීරයේ ඇති වූ රික්ටර් පරිමාණ 6.0ක ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා ඒජන්සිය නිවේදනය කරයි.
සුනාමි අවදානම හේතුවෙන් නැගෙනහිර ජාවා හි ගම්මාන කිහිපයක් ඉවත් කර තිබුණද, පසුව එය ඉවත් කළ බව ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනයේ ප්‍රකාශක පැවසීය.
භූමිකම්පාව කිලෝමීටර් 82ක් පමණ ගැඹුරින් සාගර පතුලේ හටගෙන ඇති අතර, නොගැඹුරු භූමිකම්පා ගැඹුරු ඒවාට වඩා වැඩි හානියක් සිදුකරන බවද කියයි.
මැලැන්ග් නගරයට නිරිත දෙසින් පිහිටි බ්ලිටාර්හි ප්‍රාදේශීය අධිකරණයක සහ රෝහලක සිවිලිම් කඩා වැටී සුන්බුන් විසිරී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ප්‍රාදේශීය මාධ්‍ය විසින් පළ කර තිබේ.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි තවදුරටත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.