ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට සිකුරාදා අලුයම බලපෑ රික්ටර් මාපක 6.2ක භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 67ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දුනීසියාවේ ජාත්‍යන්තර රතු කුරුස හා රතු ක්‍රෙසන්ට් සංගමයේ ප්‍රධානියා පවසයි.
ජෑන් ගෙල්ෆාන්ඩ් සිකුරාදා පැවසුවේ මරණ සංඛ්‍යාව සහ අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
මේ අතර මෙම ස්වභාවික විපතින් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි.
ජකර්තා වේලාවෙන් අලුයම 1.28ට ඇති වූ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය මැජීන් නගරයට කිලෝමීටර 6ක් (සැතපුම් 3.7) ඊසාන දෙසින් සහ කිලෝමීටර 10 ක් (සැතපුම් 6.2) ගැඹුරින් වූ බව ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා, දේශගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය පවසයි.
අපිකේන්ද්‍රයට උතුරින් පිහිටි මාමුජු නගරයේ පුද්ගලයින් 34 දෙනෙක් මිය ගිය අතර තවත් 8 දෙනෙක් මැජීන්හිදී මියගොස් ඇත.
මැජේන් හි අවම වශයෙන් 637 දෙනෙකු තුවාල ලබා ඇති අතර පදිංචිකරුවන් 15,000ක් අවතැන්ව ඇති බව රටේ ආපදා කළමනාකරණ ජාතික මණ්ඩලය පවසයි.