ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පසුගිය සිකුරාදා ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවෙන් පසුව මුදාගැනීමේ කණ්ඩායම් තවදුරටත් විපතට පත්වූවන් සහ මළ සිරුරු සෙවීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.
මෙම ව්‍යසනයෙන් අවම වශයෙන් පුද්ගලයින් 73 දෙනෙකු මිය ගොස් තිබේ. ආහාර සහ වෙනත් සහනාධාර ලබා ගැනීම සඳහා ජනතාව පෙළ ගැසී සිටින අතර, මේ වනවිට ඉන්දුනීසියාවේ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වයද මෙම ප්‍රදේශය තුළ උත්සන්න විය හැකි බවටද බියක් පවතී.