දිගු කලක් පුරා විවිදයට තුඩුදුන් ශිෂ්‍ය භටයන් වීමට අයදුම් කරන ඉන්දුනීසියානු තරුණියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ විවාදාත්මක පරීක්ෂණය ඉන්දුනීසියානු හමුදාව විසින් අවසන් කර ඇති බව එහි මාණ්ඩලික ප්‍රධානියා පවසයි.
වෛද්‍යවරුන් විසින් නවක බඳවා ගැනීම්වලදී තරුණියන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ පරීක්ෂණය අපචාරයක් මෙන්ම, කුරුරු තත්ත්වයක් බවට වසර ගණනාවක් පුරා ඊට දැඩි විරෝධයක් එල්ල කෙරිණි.
කෙසේ වෙතත් ඉන්දුනිසියා හමුදාව කලින් කියා සිටියේ බඳවා ගත් අයගේ සදාචාරය තීරණය කිරීමේදී පරීක්ෂණ වැදගත් බවයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පවසා තිබුණේ එවැනි පරීක්ෂණයකට විද්‍යාත්මක වලංගු භාවයක් නොමැති අතර, එය කිසිදු ආකාරයක විශ්වාසදායක දර්ශකයක් නොවන බවය.
ඉන්දුනීසියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩිකා පර්කාසා ඊයේ (10දා) වාර්තාකරුවන්ට පැවසුවේ එවැනි පරීක්ෂණ තවදුරටත් හමුදාවේ සිදු නොවන බවයි. එසේම පිරිමි හා කාන්තාවන්ට යුද හමුදාව තෝරා ගැනීමේ ක්‍රියාවලිය සමාන විය යුතු බවද හෙතෙම පවසා සිටියේය.