පුද්ගලයන් 62දෙනෙකු සමග ජාවා මුහුදේදී අනතුරට ලක්වූ ශ්‍රීවිජය ගුවන් යානයට අයත් කළු පෙට්ටි දෙකෙන් එකක් ඉන්දුනීසියානු සෙවුම් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ. එය අනතුරට හේතුව සොයා බලන විමර්ශකයින්ගේ තීරණාත්මක මෙවලමක් බව පවසයි.
කිමිදුම්කරුවන් සහ දුරස්ථව ධාවනය වන දිය යට වාහනයක් ඇතුළුව කණ්ඩායමක් විසින් පියාසැරි දත්ත රෙකෝඩරය සොයා ගන්නා ලදී. මීට දින තුනකට පෙර ගුවන් ගත වී විනාඩි කිහිපයකින් කඩා වැටෙන විට SJ 182 ගුවන් යානයේ තිබූ කළු පෙට්ටි සෙවීම සඳහා මුහුදු පතුල පීරමින් සිදුකළ නිරීක්ෂණයක ප්‍රතිඵලයක් මෙසේ සාර්ථක විය.
පියාසැරි දත්ත රෙකෝඩර මගින් ගුවනේ පීඩනය, ගුවන් වේගය සහ උන්නතාංශය ඇතුළුව ගුවන් යානයක තොරතුරු සකසයි. දෙවැනි කළු පෙට්ටිය වන නියමු කුටියේ හඬ පටිගත වන ගුවන් ගමන් දත්ත රෙකෝඩරය තවමත් සොයාගෙන නොමැත.
සොයාගත් කළු පෙට්ටියේ දත්ත කියවීමට බලධාරීන්ට දින දෙකේ සිට පහක් දක්වා කාලයක් අවශ්‍ය බව ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා කමිටුවේ ප්‍රධානී සොර්ජැන්ටෝ ටජ්ජොනෝ පැවසීය. මෙම අනතුරින් පුද්ගලයන් 62 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූයේ මගීන් 50ක් සහ කාර්ය මණ්ඩලයේ 12ක් ලෙසිනි.