ඉන්දුනීසියාවේ කොරෝනා වෛරසය වැළඳී ඇති දරුවන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වී ඇති අතර, රට තුළ දරුණුතම ආසාදන රැල්ලට ගොදුරු වී ඇති බැවින් කොවිඩ්-19 හි ළදරු මරණද තියුණු ලෙස ඉහළ යන බව ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසීය.
ඉන්දුනීසියාව මේ මාසයේ ආසාදන සිදුවීම් වැඩිවීමකට ලක්ව ඇති අතර, ජුනි 21 සිට දින හයක් තුළ නව වාර්තා සමග බදාදා දෛනික ඉහළම අගය ලෙස ආසාදිතයන් 21,807ක් දක්වා වැඩිවීම නිසා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය තල්ලු කෙරෙමින් පවතී.
ඉන්දුනීසියාවේ ළමා රෝග විශේෂඥයෙකු පැවසුවේ කොවිඩ්-19 හි සතිපතා ළමා මරණ පෙර සතියේ 13 සිට පසුගිය සතියේ 24ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එම කාලය තුළ රට පුරා සිදු වූ මරණ 1,783 සිට 2,476 දක්වා ඉහළ ගොස් ඇති අතර, කොවිඩ්-19 මරණවල සමස්ත වැඩිවීමට වඩා එය විශාල වර්ධනයක් බව කියයි.
නිල දත්තවලට අනුව, වයස අවුරුදු 18ට අඩු සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතය පසුගිය වසරේ ජූලි මාසයේදී 5%ට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේදී 12.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 12 ත් 17 ත් අතර ළමයින් සඳහා සීනොවැක් (කොරෝනාවැක්) එන්නත ලබාදීම සඳහා බලධාරීන් විසින් හරිත එළියක් ලබා දී ඇති බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මේ සතියේ නිවේදනය කළේය.
ඉන්දුනීසියානු ළමයින් අතර දීර්ඝ කොවිඩ් ආසාදනය වී මාස කිහිපයකට පසු දුර්වල වන හා කල් පවතින රෝග ලක්ෂණ දැනටමත් දැක ඇති බව විශේෂඥ වෛද්‍යවරු පවසති. එහිදී ළමයින් අතර වැඩිවන ආසාදන සම්ප්‍රේෂණය කළ හැකි ප්රභේදයන්ගේ බලපෑමටත් වඩා, වසංගත තෙහෙට්ටුව සහ වසංගතයෙන් ආරක්ෂා වීමට දැනුම නොමැතිකම බව ඔවුහු විශ්වාස කරති.
රට තුළ පවතින අඩු පරීක්ෂණ, අඩු ලුහුබැඳීම් වගේම, ළමයින්ට කොවිඩ්-19 නිසා පීඩා විඳ මිය යා හැකි යැයි මිනිසුන් තවමත් නොසිතන බවත්, දැනුවත්භාවය තවමත් අඩු බවත් ඉන්දුනීසියානු ළමා රෝග විශේෂඥයෝ පවසති.