පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධ කරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල් හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, ආරක්ෂක අමාත්‍යාංශය, ති‍්‍රවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළ කර සිටී.
එම ප්‍රශංසාව පළ කරමින් මහලේකම්වරයා විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පදක්කමක් තිළිණ කරනු ලැබීය.
දිවයිනට පැමිණ සිටින මහලේකම්වරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමුවී සාකච්ජාවක නිරත විය.
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් මාලාවේ පසු විමර්ශන කටයුතු සඳහා සහය ලබදෙන ලෙස ඉන්ටර්පොල් වෙතින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබ`ද මෙහිදී මහලේකම්වරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා අපරාධකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ලබාදුන් සහය ඇගැයීමට ලක් කළේය.
මෙහිදී මහලේකම්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරින් ඉතා ඉහළ වෘත්තිමයභාවයකින් කි‍්‍රයා කරන බවත් ඉන්ටර්පොල් විශේෂඥයන්ට අවශ්‍ය පුර්ණ සහය ඔවුන්ගෙන් හිමිවූ බවත්ය.
විදේශ රටවල සැඟව සිටින මත්ද්රව්යජාවාරම්කරුවන් සහ මුල්යඅපරාධකරුවන් පිටුවහල් කිරීම ඇතුළු අදාළ මෙහෙයුම් සඳහා තවදුරටත් සහය වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ඉන්ටර්පෝල් මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබාදෙනබවට ද මහලේකම්වරයා ජනාධිපතිතුමා හමුවේ සහතික විය.
මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ලබාගැනීම, නීතිය බලගන්වන නිලධාරින්ට අවශ්‍ය විශේෂ දැනුම ලබාදීම ආදි කටයුතු සඳහා ඉදිරියේ දී ගිවිසුමටකට එළැඹීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ජනාධිපතිලේකම්උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල්ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න, ඉන්ටර්පෝල් සහකාර අධ්යක්ෂ ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි