ඉදිරියේදී රටපුරා අපනයන ගම්මාන 5,000 ක් ආරම්භ කරනවා - දයා
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය බාර ගන්නා විට වාඩිවීමට පුටුවක් මේසයක්වත් නොතිබූ බවත් 36,000කින් යුතු කාර්ය මණ්ඩලයක් සිටින කෘෂිකර්මාන්ත අමාත්‍යංශයට වඩා වැඩි සේවාවක් මේ වනවිට ද සිදුකර ඇති බවත්ඉදිරියේදී රටපුරා අපනයන ගම්මාන 5000 ක් ඇති කිරිමට කටයුතු කරන බවත් ප්‍රාථමික කර්මාන්ත හා සමාජ බලගැන්විම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බද්දේගම නගරයේදී පැවැති සමෘද්ධි සුවබොජුන්හල විවෘත කිරිමෙන් අනතුරුව පැවැති ජනහමුවට සහභාගි වෙමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
වසවිස නැති ආහාරවලින් යුතු මේ සමෘද්ධි බොජුන්හල වගේබොජුන්හල් 350 ක් රටපුරා පිහිටුවන්න අපි කටයුතු කරනවා. ඒදා මේ ව්‍යාපෘතිය පේ‍්‍රමදාස මහත්තයා ආරම්භ කළේ ජනසවිය කියලා. එතුමා නැති බැරි අය ඇති හැකි අය බවට පත්කිරිමට ඔවුන් සවිබල ගැන්විමටයි මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ.
මංගල සමරවීර මුදල් ඇමැතිවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කරන කොට කිව්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ලක්ෂයකට වැසිකිලි පහසුකම් නැහැ කියලා. විපක්ෂ නායකතුමා නැගිටලා කිව්වා ඔය බොරු කියන්නේ දිස්ත්රික්කකේ ඉන්නේ වැසිකිලි නැති අය 15,000 යි කියලා. ඉතින් හරිනේ පවුල් 15,000 යි ඔක්කොම ජනතාව ලක්ෂයයි.
හැබැයි අරලියගහ මන්දිරයේ වැසිකිලි වලට වායුසමිකරණත් හයිකරලා තිබුණේ. තමන්ට ජන්දේ දීපු ජනතාවට වැසිකිලියක්වත් හදන්න උදව් නොකරපු මේ නායකයෝ තමන්ගේ දරුවන්ගේ වැසිකිලි වායුසමිකරණය කරන්න උනන්දු වුණා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වෙන කොට සියයට 14ක් වෙච්ච අපනයන ආදායම 2015 වෙනකොට සියයට 12 දක්වා කඩාවැටිලා තිබුණා. අපේ බලයට එනකොට අපනයනය තිබුණේ ඩොලර් බිලියන 11,300 යි. අගමැතිතුමාට උපදෙස් දුන්නා මේක දෙගුණයක් කරන්න. ඒ කියන්නේ 22,600 දක්වා වැඩි කරන්න යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

popular news
-
Champa Wednesday, 13 March 2019 06:12 PM
මේ ආණ්ඩුව ආවහම අපනයනය වැඩි වුනාද මම දන්නේ නැහැ. නමුත් වැඩි වුනා නම් වැඩි වුනේ රනිලුයි මංගලයි Brussels ගිහින් මහින්දට විරුද්ධව ගතු කියලා බොරු හේතු උඩ නැති කරපු GSP එක නැවත ලැබුණු නිසා. යහපාලන ආණ්ඩුව ආපු ගමන් මැජික් එකකින් වගේ EU එක GSP එක දුන්න. යුද්ධයකුත් කරන ගමන්, කොටිත් නැති කරන ගමන්, දේශීය සහ විදේශීය කුමන්ත්රණකරුවන්ගේ නොයෙකුත් තර්ජන ගර්ජන කඩාකප්පල් වැඩ සහ කකුලෙන් ඇදිලිත් එක්ක, GSPත් නැතුව, හිටපු ජනාධිපතිතුමා අපනයන ආදායම සියයට 12 කට හරි පවත්වා ගෙන යාම ලොකු ජයග්‍රහණයක්. එහෙම මුකුත් නැතුව අවුරුදු 4ක් තිස්සේ වහල් ආණ්ඩුවේ අපනයන ආදායම කීයද?
Reply : 0 0
Champa Wednesday, 13 March 2019 06:34 PM
වහල් ආණ්ඩුව ඇවිල්ල ප්‍රධාන අමාත්‍යංශ ඔක්කොම කෑලි කෑලි වලට කැඩුව හැමෝටම ඇමතිකම් දෙන්න. ඒ හින්ද අනිවාරතේ අවුරුද 4ක් මහජන මුදල් නාස්ති වුනා මේ කුඩා කෑලි නඩත්තු කරන්න සහ පඩිනඩි ගෙවන්න. ලංකාවේ කැබිනට් එකේ ලිස්ට් එක බලපුහම හොල්මන් වෙනවා. අමාත්‍යංශ මොනවාද කියලා කිසි කෙනකුට තේරෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් ගැට ගහල වෙන් කරල ආයේ එකතු කරලා එක විකාරයයි. කර්මාන්ත විෂය ගත්තොත් හරිනම් ලංකාවට තියෙන්න ඕනේ එක වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයක් විතරයි. වෙළඳාම, ආයෝජන, කුඩා කර්මාන්ත, වැවිලි කර්මාන්ත, වැවිලි කර්මාන්ත යටිතල පහසුකම් ආදී මෙකී නොකී නම් වලින් දැනට වෙන් කරල තියෙන සියලු කුඩා අමාත්‍යංශ ඔක්කොම එක වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යංශයක් යටතට එන්න ඕනේ. ලංකාවට වැඩිම වුනොත් අවශ්යදක්ෂ ඇමතිවරු 20ක් විතරයි. නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, රාජ්‍ය නොවෙන ඇමතිකම්, අධීක්ෂණ මන්ත්රීකම් මේ මුකුත් අවශ්‍ය නැහැ. මම නිකම් ඉන්න ගමන් ලියපු අමාත්‍යංශ-20 ලිස්ට් එකක් තියෙනව. ඕනේ කෙනෙකුට දෙන්න පුළුවන්. මෙහෙම යෝජනාවක් ආවොත් රටට ආදරේ නම් හැම දේශපාලකයෙක්ම මේකට කැමති වෙන්න ඕනේ. අකැමති මිනිස්සුන්ව ඊලඟ චන්දෙදි පරද්දන්න මිනිස්සු වගබලා ගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

