ඉදිරි මැතිවරණයේදි පොදුජන පෙරමුණේ අපි විශිෂ්ඨ ජයක් ලබනවා - ජනක
එළඹෙන මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ කණ්ඩායම් නායක ස්වදේශ කටයුතු රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද ( 17) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි නාම යෝජනා භාර දිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු ජනක බණ්ඩාර ,
රට තුළ පවතින වාතාවරණය හමුවේ අපි අද නාම යෝජනා පත්‍ර භාර දුන්නා. ඉදිරියේදි රජය ගන්නා තිරණ අනුව අපි කටයුතු කරනවා. පොදුජන පෙරමුණ ලෙස අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවද හෙතෙම පැවසිය.
නාම යෝජනා භාර දිමේ අවස්ථාව සදහා අපේක්ෂකයින් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්, සමන්ත ධර්මසේන,තිලක් බණ්ඩාර,සමන් විජේනායක,නාලක කෝට්ටොගොඩ,යන මහත්වරුන් පැමිණ සිටි අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ලැයිස්තුවේ සිටින ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැමිණ සිටින අයුරු දැක්නට නොලැබුණි.

popular news
-
Don Tuesday, 17 March 2020 12:41 PM
මේ මිනිස්සුන්ට මොලයක් නැද්ද තේරුම් ගන්න මරණීය වසංගතයක් ලංකාව ගිලගන්න හදනබව? මොලේ ඇලේද?
Reply : 0 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
