දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් විටන්විට වැසි ඇති වන අතර අනෙකුත් පළාත්වල සිහින් වැසි ඇති විය හැකිය.
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි බලාපොරොත්තු විය හැකිය.
දිවයින හරහා විටින්විට හමන පැ. කි. මී 50- 60 දක්වා ප්‍රහාරාත්මක සුළං බලාපොරෝත්තු වේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි ඇති වන අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය පැ. කි. මී 30-40 අගයක් ගනී.
මීගමුව සිට පුත්තලම කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටන්විට පැ. කි. මී 50-60 දක්වා වැඩි විය හැකි අතර එවිට එම ප්‍රදේශ රළු විය හැකිය.
ඒඅනුව එම ප්‍රදේශවල ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
