දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි විමක් ඉදිරි අද (5) රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව,බස්නාහිර ,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ,මාතර සහ කලුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි 100ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකිය.
