ඉදිරි ජනාධිපතිවරණයට ස්ථිර ලෙසම තරග කරන්නේ රාජපක්ෂවරයෙක්
තව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “ගම සමග පිළිසදරක්” වැඩසටහනේ රත්තොට අලකොලමඩහා අල්වත්ත ප්‍රදේශවලදි පැවති ජනහමුවට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අබේවර්ධන මහතා ,
හැමදාම මේ රටේ සන්ධාන හදනකොට වෙලා තියෙන්නේ සුළු පක්ෂ ප්‍රධාන පක්ෂවලට එකතුවෙන එකයි. අද විපක්ෂයෙන් ප්‍රධාන බලවේගය අපියි. ඒ නිසා අපි හදන සන්ධානය පොදුජන පෙරමුණ වන අතර ලකුණ පොහොට්ටුවයි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර විරසකයක් තිබ්බා. ඒවා දැන් නැහැ. ඇමතිකම් දාලා අපි එළියට ආවේ. ඒ විරසකය නැති කරන්නයි. ආණුඩව නටවන සමහර බටහිර බලවේග අපි එකතුවෙනවට කැමති නැහැ. නමුත් බහුතර ජනතාව අපි එකතුවෙනවාට කැමතියි. අපේ කාලේ සියයට අටට තිබ්බ ආර්ථික වර්ධන වේගය අද සියයට හතරට බැහැල. එදා වේල හොයන ආණ්ඩුවක් මේ තියෙන්නේ. දවසකට රටේ අවශ්‍යතාවයන්ට රුපියල් බිලියන 07ක් ඕන. ඒත් දිනක අදායම තියෙන්නේ බිලියන 04යි.
ඓහෙම වුනාම දුවන්නේ කොහොමද?අද ජනතාව ජිවත්වෙන්නේ බොහොම අමාරුවෙන්. කලින ්ඉන්ධන වලට විතරක් තිබුණු මිල ස්රතාව අද හැම භාණ්ඩයකට යොදන්න සැලසුම් කරලා.අද මානව හිමිකම් ගැන කතා කරනවා.ඒවා හොයන්න අලුතින් උසාවි හදනවා.එදා එල්ටිටිඊ සංවිධානය සිදු කළ ඝාතනයන් ගැන කතා කරන්නේ නැහැ.අද ජත්‍යන්තර මට්ටමේ කුඩු මුදලාලිලා රටට එන්න හදලා තියෙන්නේ.
මහින්ද රාජපක්ෂ රජයෙන් පස්සේ කිසිම අයෝජකයෙක් ආවේ නැහැ. මේ රටට අලුතින් ආයෝජකයින් ගෙන්න බැරිවුණා. අපි වසර 30ක යුද්දේ දිනුවේ කෙලින් තින්දු ගත්ත නිසා.එහෙම තින්දු ගන්න පුළුවන් නායකයෙන් මෙ රටේ පාලනය කලා. අපි ඉදිරියට තියන ඕනැම මැතිවරණයක් ඉහළින් දිනනවා. "

popular news
-
weliweriye dil Wednesday, 27 March 2019 03:25 PM
ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !! ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 0 0
Deepal Nirosh Wednesday, 27 March 2019 03:26 PM
නො පෙනන මුහුදට හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහන්නයි හැමදාව කතාව. ඒත් ගමන නම් එතනමයි.
Reply : 0 0
Koralage Wednesday, 27 March 2019 04:43 PM
එතකොට මහින්දට විරුද්දව UNP එක එක්ක ආණ්ඩු පිහිටුවන්න සහයෝගෙන් වැඩ කලේ මොන කෙන් ගෙදියටද? මෙදා පාර මේවගේ මිනිස්සුන්ට ජනතාව මඩු වල්ගෙන් තලාවී. බලය ගන්න ඕනෑම තුච්ච වැඩක් කරන මිනිස්සුන්ට ජනතාවගෙන් සමාවක් නැත .
Reply : 0 0
Champa Wednesday, 27 March 2019 06:00 PM
තරඟ කරන්න කාට බැරිද? දිනන්න එපැය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

