යාපනය දිස්ත්‍රික්ක කාර්යාලයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රධානත්වයෙන් සෞභාග්‍යයේ දැක්මේ කෘෂිකාර්මාන්ත පිබිදීම නැමති සාකච්ඡාවක් පවත්වන ලදි. මෙහිදී කෙසෙල්, ලොකු ලූණු, පොඩි ලූණූ, උළුදු හා කජු වැනි භෝග වර්ග වලට ස්වාභාවික ආපදා වලින් හානි සිදු වු විට වන්දි ලබා දීමට රජය තීරනය කර ඇති බවත් මේ පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් සිදු කර ඇති බවත් එම ඉල්ලීම පිළිගත් කැබිනට් මණ්ඩලය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පැවසීය. විශේෂයෙන් පසුගිය වර්ෂයේ හම්බන් කුණාටුවෙන් විනාශයට පත් වු කෙසෙල් හා ගස්ලබු ගොවීන්ට වන්දි ලබා දිය යුතු බව ද අමාත්‍ය දේවානන්දා දිගින් දිගටම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටි බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය දේවානන්දා මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා තම ඉල්ලීම් වලට ක්ෂනික ප්‍රතිචාර දැක්වීම පිළිබදව ප්‍රශංසාකරන බවද ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා හම්බන් කුණාටුවෙන් හානියට පත් ගස්ලබු හා කෙසෙල් වගා අයිතිකරුවන්ට වන්දි ලබා දීම පිළිබදව පසුගිය දින වල අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කල අවස්ථාවේදී ජනාධිපතිතුමා ඒ පිළිබදව දැඩි උනන්දුවක් දක්වා ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ දැන් වු බවත් එහි ප්‍රතිඵල දැන් ලැබී ඇති බැවින් ඒ සදහා ජනාධිපතිතුමන්ට හා අග්රාමාත්යතුමන්ට ස්තුතිය පුද කරන බව ප්‍රකාශ කළේය.