කොවිඩ්-19 වසංගතය ලෝකය තුළ තවදුරටත් මන්දගාමී හා නොසැලකිලිමත් ලෙස හැසිරවීමක් ලොවපුරා බොහෝ රටවල දැකිය හැකි නිසා, අනාගතයේදී පැතිර යා හැකි වසංගතයකදී ජීවිත හා ජීවනෝපායන් විනාශවීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් මීට වඩා ශක්තිමත් විය යුතු බවට කතාබහක් ඇති වී තිබේ.
එහිදී නව රෝගයක් මැඬලීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයට සහ රටවලට ඇති හැකියාව ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන විශේෂඥයන් විසින් නිර්දේශ කරන ලද ප්‍රතිසංස්කරණ අධ්‍යයනයට ලොවපුරා සෞඛ්‍ය අමාත්‍යවරු එකඟ වී ඇත.
යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ලද සහ සම්මුතියෙන් සම්මත කරන ලද යෝජනාව යටතේ සාමාජික රටවල් වසරක් පුරා සිදුවන ක්‍රියාවලියක් හරහා ප්‍රතිසංස්කරණ අධ්‍යයනයන් සමග ස්ථිරව සිටිය යුතුය.
වත්මන් කොවිඩ්-19 වෛරසය මිලියන 170කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර, මිලියන 3.7කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කර ඇති පසුබිමක මෙම කතිකාවත සිදුවෙයි.
මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194හි සෞඛ්‍ය අමාත්‍යවරුන් නොවැම්බර් 29 සිට රැස්වී අනාගත වසංගතයකට එරෙහිව ආරක්ෂාව ඉහළ නැංවීම අරමුණු කරගත් ජාත්‍යන්තර ප්රඥප්තියක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළ යුතුද යන්න තීරණය කරනු ඇත.