ඉදිරි මැතිවරණ සියල්ල සඳහාම ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයකින් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේ පැවැත්වෙන නිදහස් පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
ඒ සඳහා පිරිසුදු පක්ෂ සඳහා ආරාධනා කරන බවත් නිදහස් පක්ෂය කිසිම මැතිවරණයකට බිය නොමැති බවත් ඔහු පැවැසීය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය පසුපසට ගිය බවට වන චෝදනා ප්රතික්ෂේප කරන බවත් නිදහස් පක්ෂය නොමැතිව කිසිම පක්ෂයකට බලය ලබාගැනීමට නොහැකි බවත් ප්රකාශ කළේය.