ඉතිහාසයේ වේගයෙන් සෝදා පාලුවට ලක්වූ පක්ෂය සමගි ජන බලවේගයයි - කෙහෙළිය
මැතිවරණයට දින නියම කළදා සිටම සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ඉන් ඉවත් වීම තුලින් එය ලෝක ඉතිහාසයේ ඉතාම වේගයෙන් සෝදා පාලුවට ලක්වූ දේශපාලන පක්ෂය ලෙස සමගි ගිනස් වාර්තාවක් තබන බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර පිහිටි හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් තවත් ඉදිරියේදී 10 -12 ක් ඉවත් වනු ඇති බවත් ඒ තුළ ඔවුනට පක්ෂයක් ලෙස ඉදිරියට යාමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස යනු වැඩියෙන් කතා කරන තරමට ප්‍රතිවාදී කණ්ඩායම් වලට වාසියක් ගෙන දෙන්නනෙක් බවද ඔහු වැඩි වැඩියෙන් කතා කිරීම ඔවුන්ටම අවාසියක් වන බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.
සදාකාලිකව දුක උරුම කරගත් ඔවුන්ගේ පක්ෂය මේ වන විට ජනතාව හදුන්වන කෙටි නාමය දුක බවද එය සදාතනිකව ඔවුනට හිමිව ඇති උරුමයක් බවද ඒ මහතා පැවසීය.
මේ වන විට ජනතාව ඉදිරියේ ඉතාම හාස්‍යයට ලක්ව ඇති දේශපාලන කණ්ඩායමක් වන මෙම පක්ෂය ජනතාව ඉදිරියේ විහිලු සපයන්නන් වී ඇති බවද රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂය හා ඔවුන් වාද විවාද වලට පැමිණි විට ඔවුන්ගේ අභ්‍යන්තර හා පෞද්ගලික ප්‍රශ්න කතා කරනු හැර ජාතික හෝ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති කිසිවක් කතා නොකරන බවත් මෙනිසා මෙය ජනතාවට කිසිදු වැදගත්කමක් නොමැති පක්ෂයක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවදුරටත් පැවසීය.

popular news
-
Deepal Nirosh Thursday, 18 June 2020 12:13 PM
ඉතිහාසයේ වේගයෙන් සෝදා පාළුවට ලක් වූ පක්ෂය ස.ජ.බ. කියා කියනවනම් වේගයෙන්ම ගොඩනැගීමට ලක් වූ පක්ෂය එ.ජා.ප. යයි. කට බොරු කිවවත දිව බොරු කියන්නෙ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

