ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලස්කෝනිත් කොවිඩ් ධනාත්මක වෙයි
ඊයේ (03) ඉතාලියේ කොවිඩ් ආසාධිතයන් 1397 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
ඊයේ (03) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 10 ක් වාර්තා වි තිබේ
ඊයේ (03) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,507 ක් සමස්ත ආසාධිතයන් 2,72,912 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි
ඊයේ (03) ඉතාලියේ PCR පරික්ෂණ 92,790 ක් සිදු කර තිබේ
ඉතාලියේ හිටපු අගමැතිවරයෙකු හා වත්මන් විපක්ෂයේ ප්‍රධානතම පක්ෂයක් වන ෆෝර්සා ඉතාලියා පක්ෂයේ නායක කෝටිපති ව්‍යාපාරික සිල්වියෝ බර්ලස්කෝනි මහතා කොවිඩ් 19 පරික්ෂණය ධනාත්මක වි ඇති බවට තහවුරු වි තිබෙන බවත් 83 හැවිරිදි බර්ලස්කෝනි මහතා මේ වනවිට මිලාන් නුවර ඔහුගේ නිවසේ ස්වයං නිරෝධානයට ලක්කර ඇති බවත් ඔහුගේ තත්වය සංකිර්ණ නොවන බවද ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි
බර්ලස්කෝනි මහතා තෙවතාවක් ඉතාලියේ අගමැති ධුරයට පත් වි ඇති අතර ඉතාලියේ ධනවත්ම ව්‍යාපරිකයින් අතර සිටින අයෙකි
චන්දන ප්‍රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

