ඉතාලියේ වෙරෝනා නගරය මැදින් ගලායන ගඟක පාවෙමින් තිබියදී අතුරුදන්ව සිටි ශ්රී ලාංකිකයෙකුගේ මළසිරුරක් ඊයේ (18දා) සොයාගත් බව ඉතාලි ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජා-ඇළ කලඑළිය ප්රදේශයේ පදිංචි දෙහිවලගේ නෙල්සන් කොස්තා නමැති 53 හැවිරිදි වෙරෝනා නගරයේ සේවයේ නිරත අයෙකි.
ඉකුත් 14 වැනිදා සිට අදාළ පුද්ගලයා අතුරුදන්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් මියගොස් ඇති තැනැත්තාගේ සහෝදරයෙකු විසින් වෙරෝනාහි පොලීසියට කළ පැමිණිල්ලකට අනුව දින 4ක සිට සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මළසිරුර ඊයේ සොයාගෙන තිබේ.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා ඉකුත් සෙනසුරාදා වෙරෝනා නගරයේ අඩිජේ නැමති ගංඟාව ගලාබසින ගැරිබාල්දි නොමැති පාලම අසලින් ගඟට බැස හෝ වැටී ඇති අතර එම ස්ථානයේ තිබී මියගිය තැනැත්තාගේ පාවහන් යුගළය ඔහුගේ සහෝදරයා විසින් හඳුනාගෙන තිබේ.
මේ වන විට එම මළසිරිරුර වෙරෝනා බොර්ගෝ රෝමා රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා තැන්පත් කර ඇති බව ඉතාලි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නයිනමඩම චන්දන ප්රනාන්දු