ඉතාලියේ ඊයේ දෛනික ආසාදිතයන් අඩුවෙයි මරණ වැඩිවෙයි
ඊයේ (14) ඉතාලියේ PCR පරික්ෂණ 45,309ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1008 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (14) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 14ක් වාර්තා වි තිබේ.
ඊයේ (14) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,624ක් සමස්ත ආසාදිතයන් 288,761 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාස 6කට පසුව ඊයේ (14) දිනයේදි ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ කලත් පාසැල් යන සිසු සිසුවියන් 58 ලක්ෂයක් සඳහා සැලසුම් කල පරිදි තනි බංකු හා පුටු ලක්ෂ 20ක් පාසැල් සඳහා තවමත් ලැබි නොමැති බව ඊයේ 14 ඉතාලි මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පාසැල් ගුරුවරුන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් ලක්ෂයකගේ හිඟයක්ද පවතින බවයි.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

