ඉතාලියේ PCR පරික්ෂණ වැඩිකරයි
ඊයේ (29) ඉතාලියේ PCR පරික්ෂණ 99,108 ක් සිදුකර කොවිඩ් ආසාදිතයන් 1,444 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (29) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 1 ක් වාර්තා වි තිබේ.
ඊයේ (29) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,473 ක් සමස්ත ආසාදිතයන් 266,853 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉතාලියේ පෙර දිනයට (28) සාපේක්ෂව PCR පරික්ෂණ ඊයේ (29) දිනයේදි 2,043 න් වර්ධනය වන විට තහවුරු වු කොවිඩ් ආසාදිතයන් (28) දිනයේදි තහවුරු කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයට වඩා 18 දෙනෙක් අඩු වි තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අගොස්තු (28) PCR පරික්ෂණ 97,065 ක් සිදු කර තිබෙන අතර එහිදි ආසාදිතයන් 1,462 ක් හමුවි ඊයේ (29) දිනයේදි PCR පරික්ෂණ 99,108 ක් සිදු කර ආසාදිතයන් 1,444 ක් හමු වි තිබේ.
චන්දන ප්‍රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

