ඉතාලියට ඇතුල්වන සියලුම සංචාරකයන්ට හා රැකියා සඳහා පැමිණෙන සියලුම දෙනා කෝවිඩ් වසංගතය මැඩලීමේ නීතින්ට අනුකූලව කටයුතු කළයුතු බවත් අමාත්‍යංශය නිකුත් කර ඇති ස්වයං දිවුරුම් ප්‍රකාශයක් මගින් තමන්ගේ සෞඛ්‍ය තත්වය තමන්ගේ පැමිණි රට හා ඉතාලියේ ගමනාන්තයඳහන් කර ගුවන් තොටුපළ බළධාරින්ට ලබාදිය යුතු බවටත් සඳහන් කරමින් නව චක්‍ර ලේඛණයක් නිකුත් කළ බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.
ඉතාලියට ඇතුල්වන කිසිවෙකුට පොදු ප්‍රවාහන මාධ්‍යක් භාව කිරීම තහනම් බවත් තමන්ගේ ගමනාන්තය සඳහා ප්‍රවාහන පහසුකම් පෞද්ගලික වාහනයකින් හෝ ගුවන්තොටුපළ ටැක්ෂි සේවාවකින් සලසා ගැනිම අනිවාර්ය කරුණක් බව ඉතාලි අභන්තර කටයුතු අමාත්‍යංශය පැවසීය. ඉතාලියට ඇතුල්වන සියලුම පුද්ගලයන් දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයකට යටත් විය යුතු බවත් එම පුද්ගලයන්ගේ ගමනාන්තය අයත් ප්‍රදේශය භාර නගර සභා නිළධාරින් ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ මගින් එම පුද්ගලයන්ව නිරික්ෂණය කිරිමේ වැඩපිළිවෙලක් සකසා තිබෙන බවත් නිරෝධායනයට තමන් සිටිනා ස්ථානයේ පහසුකම් අවම තත්වයේ පවති නම් අදාළ ප්‍රදේශයේ බළධාරින් ඒ සඳහා මැදිහත්වීමක් කර අවශ්‍ය පහසුකම් සලසන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.
මෙම නීති රීති උල්ලංඝණය කරන සියලුම දෙනාට එරෙහිව යුරෝ 500 ක් අවමයක සිට යුරෝ 3000 දක්වා දඩ මුදලක් හා අධිකරණ ක්‍රියමාර්ග ගන්නා බවත් මෙම වැඩපිළිවෙල මැයි 10 දා සිට ඉදිරි මාස දෙක සඳහා ක්‍රියාත්මක කරන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා සිට