ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉතාලි ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඉතාලි තානාපතිවරිය ලෙස රීටා ජුලියානා මන්නෙල්ලා මහත්මිය පත් කර ඇත.
ඇය එලෙස පත් කර ඇත්තේ පාඔලෝ අන්ද්‍රෙයා බර්තොරෙල්ලි මහත්මියගෙන් පසුව ශ්‍රී ලංකාවේ තානාපතිවරිය ලෙසිනි.
2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඇය සිය අක්ත පත්‍ර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්රදානය කළාය.
මේ අතර ක්‍රොඒෂියාව, ඝානාව හා කොංගෝව වෙනුවෙන් පත්ව ආ තානාපතිවරුන්ද අද දිනයේදිම ජනපතිවරයා වෙත අක්ත පත්‍ර භාර දුන්නේය.