ඉතාලියේ ජීවත් වන ලාංකික පාසැල් සිසුවියකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ඉතාලියේ වෙරොනා නුවරින් වාර්තා වේ.
20 හැවිරිදි මෙම සිසුවිය පසුගිය සිකුරාදා (02දා) දිනයේ ඇති වු රෝගී තත්වයක් හේතුවෙන් සිදු කරන ලද පරික්ෂණයක් තුළින් ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඇය ඉගෙනුම ලැබු පාසැලේ පන්තියේ සිටි සියලුම සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයකට ලක් කර තිබේ.
ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ වු සැප්තැම්බර් 14 දා සිට ඊයේ 06 දිනය තෙක් පාසැල් ආශ්රිතව කොවිඩ් ආසාදිතයන් 840 ක් වාර්තා වී තිබේ.
චන්දන ප්රනාන්දු