ඉතාලියේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් රැකියාවල නිරතවන හා ජිවත්වන විදේශිකයන් හට ඉතාලියේ රැඳි සිටිමේ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් වු යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එමට කටයුතු කරමින් සිටින බව ඉතාලි ස්වදේශ කටයුතු බාර ඇමතිනි ලුචානා ලමොර්ගේසි මහත්මිය පවසා සිටියාය.
ලක්ෂ 6 කට අධික විදේශිකයන් පිරිසක් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉතාලියේ රැඳි සිටිමින් රැකියාවල නිරතව වන බවත් ඔවුන්ගේ සුභ සාධනය හා සෞඛ්‍ය සුරක්ෂිතභාවයත් අයිතින් සම්බන්ධයෙන් සලකා බලා මෙම යෝජනාව ගෙන එමට කටයුතු කරමින් සිටින බව ඇමතිවරිය සඳහන් කළාය.
විශේශයෙන්ම කෝවිඩ් වසංගතය පැතිරිමත් සමග නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැකියාවල නිරතව සිටි විදේශිකයන්ගේ සියලුම ආදායම් මාර්ග අවහිරවීමත් සෞඛ්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් ඔවුන් අතර කෝවිඩ් පැතිරිමේ අවදානමත් හේතුවෙන් ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටීම මෙම විදේශිකයන්ට නිත්‍යානුකූලභාවය ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කරන බව මහත්මිය පවසා සිටියාය.
එමෙන්ම ඉතාලියේ කෘෂිකාර්මික රැකියාවල නිරත යුරෝපිය රටවල විදේශිකයන්ද විශාල පිරිසක් ඔවුන්ගේ රටවල සිට ඉතාලියට ඇතුල්වීමට නොහැකිවීමේ තත්ත්වයක් තුල කෘෂිකර්මීක කටයුතු සඳහා අවශ්‍ය සේවක හිඟයට විසඳුමක් ලෙස රටතුල සිටින මෙම පිරිස නිත්‍යානුකුලභාවය හරහා ආදේශ කිරිමේ බලාපොරොත්තුවක්ද පවතින බව ස්වදේශ කටයුතු ඇමතිවරිය පවසා සිටියාය.
ඉතාලියේ විසි දහසකට අධික ලාංකිකයන් පිරිසක්ද නිත්‍යානුකුල නොවන ආකාරයෙන් රැඳි සිටින බවත් වසර 8 කට පමණ පසුව ලබාදීමට සැලසුම් කරන මෙම රැඳි සිටිමේ බලපත්‍රය ශ්‍රි ලාංකිකයන්ටද සැනසුම් සුසුම් ගෙනෙන කරුණක් වියහැකි බව ඉතාලියේ ශ්‍රි ලාංකික සංවිධාන පවසයි.