ඉතාලියේ ඊයේ (08දා) දිනයේදි වාර්තා වු කෝවිඩ් මරණ 234 ත් සමග සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව 30201 ක් දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එමෙන්ම ඊයේ වාර්තා වු නව ආසාධිතයන් 1337 සමග ඉතාලියෙන් වාර්තා වු සමස්ත කෝවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 217185 වු බවද සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
ඊයේ දිනයේදි වාර්තා වු සුව වීම් 2747 ත් සමග ඉතාලියේ මේ වනවිට කෝවිඩ් රෝගින් 99023 සුව වි තිබෙන බවත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව රෝගීන් 87961 දක්වා අඩු වි තිබෙන බවද එම සුව වීමේ හා නව ආසාධිතයන් වාර්තා විම අතර විශාල වෙනසක් තිබීම සාධනිය තත්වයක් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය පවසීය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට