ඉතාලිය දෙවැනි කොරෝනා රැල්ලෙන් පසු එරට තුළ වාර්තා කළ වැඩිම ආසාදන හා මරණ ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව ගෙවීගිය පැය 24 තුළ ඉතාලියේ දෛනික නව කොරෝනා ආසාදිතයන් 37,809ක් සහ මරණ 446ක් වාර්තා වී තිබේ. මෙම අගයන් මාර්තු අග සිට එරටින් වාර්තා වූ වැඩිම අගයන් ලෙස සැලකෙයි.
මේ සමග ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව දැන් 40,638ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉතාලියේ වඩාත්ම පීඩාවට පත් කලාපය තවමත් ලොම්බාර්ඩි වන අතර නව දෛනික ආසාදන 9,934ක්ද, අසල්වැසි පීඩ්මොන්ට් කලාපයෙන් ආසාදිතයන් 4,878ක්ද, දකුණු කැම්පානියා පළාතෙන් ආසාදිතයන් 4,508ද වාර්තා වී තිබේ.