ඇමෙරිකා එක්සත් ජනපදයට හා ස්පාඤ්ඤයට පසුව ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රට ලෙස ඉතාලියේ ආසාදිතයන් 200,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (29දා) උදෑසන වනවිට ඉතාලියේ ආසාදිතයන් 201,505ක් ලෙස වාර්තා විය.
ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව දෙවනුවට වැඩිම මරණ වාර්තා වන්නේද ඉතාලියෙනි. එම අගය මේ වනවිට 27,359ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූවන් වාර්තා වන්නේ 68,941ක් ලෙසිනි.
මේ අතර, වැඩිම ආසාදිත ලැයිස්තුවට ඉතා කෙටි කලත් තුළ අලුතින්ම එක් වූ රාජ්‍යයක් බවට රුසියාව පත්ව තිබේ.
ආරම්භයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට පවා ආධාර කමින් යම් ස්ථාවරයක සිටි රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් ක්ෂණිකව වැඩිවීමක් දක්නට ලැබේ.
ඒ අනුව අද (29දා) උදෑසන වනවිට රුසියාවෙන් ආසාදිතයන් 93,558ක් වාර්තා වෙයි. කෙසේ වෙතත් වෙනත් රටවලට සාපේක්ෂව මරණ සංඛ්‍යාව තවදුරටත් පහළ අගයක පවත්වා ගැනීමට රුසියාව සමත්ව ඇති අතර, එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 867කි. එමෙන්ම එරට තුළ සුවය ලැබූවන් 8,456කි.
මීට අමතරව, වැඩිම ආසාදිත ලැයිස්තුවේ දෙවනුවට සිටින ස්පාඤ්ඤයෙන් මේ වනවිට ආසාදිතයන් 232,128ක් හා මරණ 23,822ක් වාර්තා වෙයි. සුවය ලැබූවන් 123,903කි.
තෙවනුවට සිටින ඉතාලියට පසුව සිව්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන ප්‍රංශයේ මේ වනවිට ආසාදිතයන් 169,053කි. මරණ 23,694කි. සුවය ලැබූවන් 47,775කි.
පස්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන මහා බ්‍රිතාන්‍යයේ ආසාදිතයන් 162,350ක් මේ වනවිට වාර්තා වෙයි. එරට මරණ සංඛ්‍යාව 21,745කි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ සුවවූවන් ඉතා අඩු අගයක් ගන්නා අතර, එය මෙතෙක් 813ක් පමණි.
හයවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන ජර්මනියේ මේ වනවිට ආසාදිතයන් 159,912ක් වාර්තා වන අතර, මරණ 6,314කි. එමෙන්ම සුවය ලැබූවන් 117,400ක් ලෙස සැලකිය යුතු ඉහළ අගයක් පෙන්වයි.
හත්වනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන තුර්කියේ ආසාදිතයන් 114,653ක් මේ වනවිට වාර්තා වෙයි. එරට මරණ සංඛ්‍යාව 2,992කි. සුවය ලැබූවන් 38,809කි.
අටවනුව සිටින රුසියාවට පසුව, නවවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන තුර්කියේ ආසාදිතයන් 92,585කි. මේ වනවිට එරට මරණ 5,877ක් වන අතර, සුවය ලැබූවන් 72,439ක් ලෙස සැලකිය යුතු ඉහළ අගයක් පෙන්වයි.
වෛරසය ආරම්භය සනිටුහන් වූ චීනය මේ වනවිට වෛරසය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති අතර, වැඩිම ආසාදිත ලැයිස්තුවේ අංක එකේ සිට මේ වනවිට 10 වැනි තැනට පත්ව සිටින චීනයේ ආසාදිත සංඛ්‍යාව වාර්තා වූයේ 83,938ක් ලෙසිනි. එරට මරණ සංඛ්‍යාව 4,637ක් ලෙස සටහන් වන අතර, සුවය ලැබූවන් 78,410කි. වෛරසය මුලින්ම පැතිර ගිය වූහාන් නගරයේ කොවිඩ්-19 ආසාදිත අවසාන රෝගියාත් පසුගියදා රෝහලෙන් පිටව ගොස් තිබුණි.