කොරෝනා වෛරස වසංගතයේ යුරෝපයේ කේන්ද්‍රස්ථානය ලෙස මුලින් සැලකුණු ඉතාලිය එරට තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි පළමු වැනි එන්නත් මාත්‍රාව ලබාදීම සිදුකර තිබේ.
බෝවන රෝග පිළිබඳ ලාසරෝ ස්පාලන්සානි ජාතික ආයතනයේ වෛරස් විද්‍යාඥවරියක් වන මහාචාර්ය මාරියා රොසරියා කපොබියන්චි ඊයේ (27දා) උදෑසන එන්නත ලබාගත් පළමු පුද්ගලයින් අතර විය.
හෙදියක් වන ක්ලෝඩියා අලිවර්නිනි, සෞඛ්‍ය සේවිකා ඕමාර් අල්ටොබෙලි සහ වෛද්‍ය ඇලෙස්සැන්ඩ්‍රා ඩී අබ්රාමෝද ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත මාත්‍රාව ලබා ගත්හ.
ඉතාලියේ නිල වශයෙන් වාර්තා වූ පළමු රෝගීන් දෙදෙනා ජනවාරි 30 වැනි දින රෝහල් ගත කරන විට ඩී අබ්රාමෝ එම ආයතනයේ සේවය කරමින් සිටියේය.
"මෙය ඉතා හොඳ දවසක්. මක්නිසාදයත් වාට්ටුවේ දීර්ඝ කාලයක් වැඩ කිරීමෙන් පසු දැන් බලාපොරොත්තුවේ දිනයක් පැමිණ තිබෙනවා. මේ ගැන මම ආඩම්බර වෙනවා" ඩී අබ්රාමෝ පැවසීය.
මීට පෙර ඉරිදා ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ "අද ඉතාලිය අවදි වන දිනයක්. එය එන්නත් දිනයයි. මේ දිනය අප සමග සදහටම පවතිනු ඇති." යනුවෙනි.
"අපි සෞඛ්‍ය සේවකයින් හා වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලින් ආරම්භ කර ප්‍රතිශක්තිය ළඟා කර ගැනීමේ හැකියාව සහ මේ වෛරසය මුළු ජනතාවටම පරාජය කිරීමේ හැකියාව ලබාදෙනවා" යනුවෙන් ඔහු පැවසීය.