නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 වෛරසය 2019 සැප්තැම්බර් මාසයේ සිටම ඉතාලියේ සංසරණය වෙමින් පැවති බව ඉතාලි නගරයක් වන මිලාන්හි ජාතික පිළිකා ආයතනය (INT) විසින් කරනලද නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.
ඒ අනුව මෙතෙක් සිතා සිටියාට වඩා කලින් චීනයෙන් පිටත කොවිඩ්-19 වෛරසය පැතිර තිබූ බවට මෙය තවත් සාක්ෂියක් බව රොයිටර් පුවත් සේවය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ දෙසැම්බර් මාසයේදී මධ්‍යම චීනයේ වුහාන් නුවරදී මෙම රෝගය ප්‍රථම වරට වාර්තා වීමට පෙර නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 යන ශ්වසන රෝගය පිළිබඳ නොදැන සිටි බවය.
ඉතාලියේ පළමු වැනි කොවිඩ්-19 රෝගියා පෙබරවාරි 21 වැනි දින ලොම්බාර්ඩි හි උතුරු කලාපයේ මිලාන් අසල කුඩා නගරයකදී අනාවරණය විය.
ඉතාලිය පළමු කොවිඩ්-19 රැල්ලෙන් මිදෙමින් සිටියත්, මේ වනවිට යුරෝපය පුරා පැතිරී යන කොවිඩ්-19 දෙවැනි රැල්ලෙන්ද දැඩිව බැට කමින් සිටියි.