ඉතාලිය නව කොරෝනා වෛරසයේ අවදානම් කලාප ලෙස (තැඹිලි කලාප) 5ක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එම කලාපවල බදාදා දිනයේ සිට අවම වශයෙන් සති දෙකක්වත් පවතින දැඩි සීමාවන් ක්‍රියාත්මක වන බව කියයි.
පසුගිය බදාදා තැඹිලි කලාප ලෙස ප්‍රකාශයට පත් කරන ලද පුග්ලියා සහ සිසිලියා යන ප්‍රදේශ සමග ඇබ්රුසෝ, උම්බ්‍රියා, ටොස්කානා, ලිගුරියා සහ බැසිලිකාටා යන ප්‍රදේශ එක්වනු ඇත.
ලොම්බාර්ඩි, වැලී ඩි අවෝස්ටා, පීඩ්මොන්ට් සහ කැලාබ්රියා පසුගිය සතියේ වඩාත් අවදානම් කලාප ලෙස (රතු කලාප) ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එහි පදිංචිකරුවන්ට රාජකාරීමය, අධ්‍යාපන, සෞඛ්‍යය හෝ අත්‍යවශ්‍ය අවශ්‍යතා හැර නිවසේ රැඳී සිටීමේ නියෝග ඇතුළුව දැඩි සීමාවන් නිකුත් කර ඇත.
"වසංගතය වඩාත් නරක අතට හැරෙමින් තිබෙනවා" යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝග වැළැක්වීමේ අංශයේ ප්‍රධානී ජියානි රෙසා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
සාමාන්‍ය සම්ප්‍රේෂණ අනුපාතය ඉතාලියේ 1.7ක් වන අතර, පුරවැසියන් 100,000කට ධනාත්මක කොවිඩ්-19 ආසාදිතයන් 500කට වඩා හමුවන බව කියයි.