ඉතාලියේ නාපෝලි නගරයේ ජිවත් වෙමින් ව්යාපාරික කටයුතුවල නිරතව සිටි ශ්රිලාංකිකයෙක් පසුගිය සිකුරදා (23) දා ඉතාලි ජාතිකයෙක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග ගොස් ඉතාලි ජාතිකයාගේ පහරදීමකින් බරපතල තුවාල ලබා සිහිසුන් කෝමා තත්වයෙන් දින 3 ක කාලයක් නාපොලි සන් ජොවන්නි බොස්කෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදි ඊයේ (26) සවස මියගොස් ඇති බව එරට ආරංචි මාර්ග පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අශෝක ප්රනාන්දු නැමති දෙදරු පියෙකි .
ඉකුත් සිකුරාදා (23) දා තුවාල ලැබු ලාංකිකකයා පවත්වාගෙන යන ව්යාපාරික ස්ථානයට ආ එම ගොඩනැගිල්ලේ හිමිකරු වන ඉතාලි ජාතිකයා හා ඔහුගේ සොහොයුරෙකු වන අයෙක් ව්යාපාරික ස්ථානය සම්බන්ධයෙන් වු කුලි මුදලක් පිළිබඳව ලාංකිකයා සමග වු කතාබහක් දුරදිගොස් මෙම පහරදීම සිදුව ඇති බවට එරට ආරංචි මාර්ග පවසයි පහරදීමෙන් පසු ඇදවැටි බරපතල තත්වයෙන් සිටි ලාංකිකයාව අසල සිටි පිරිස් රෝහල් ගත කර ඇති බවත් මොළයට දැඩි හානි සිදුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසු බව ඔහුගේ ඥාතින් පෙන්වා දෙයි .