ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ අඟහරුවාදා සිය ඉල්ලා අස්වීම භාර දෙමින්, දේශපාලන අර්බුදය මඟහරවා ගත හැකි ආකාරය පිළිබඳ විධිමත් උපදේශන සඳහා මග විවර කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා අද (27දා) පස්වරුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා ආරම්භ කරන බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. සාකච්ඡා දිගටම පවතින බැවින් භාරකාරත්වයෙන් යුතුව කටයුතු කරන ලෙස කොන්ටේට දැනුම් දී තිබේ.
නව පරිපාලනයක් එක්රැස් කිරීම සඳහා අවශ්‍ය පිටුබලය ලබා ගැනීමට කොන්ටේට හැකි යැයි ඔහු සිතන්නේ නම්, සාකච්ඡාවන් අවසන් කර නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා ඔහුට දින කිහිපයක් ලබාදෙනු ඇති බවද කියයි.