ඉඩම් ඔප්පු නොමැති මහවැලි පදිංචිකරුවන්ට හිමිකම්පත්
කාලාන්තරයක් තිස්සේ පදිංචිව සිටියත් ඇඹිලිපිටිය වලව බලප්‍රදේශයේ මහවැලි කලාපවල පදිංචිකරුවන්ට සිය ඉඩම්වලට ඔප්පු හෝ බලපත්‍ර නැති නිසා ඒ ඉඩම් සඳහා හිමිකම්පත්‍ර මාස හයක් ඇතුළත ඒවා ලබාදෙන ලෙස නියෝග කර ඇති බව කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් අද (15) විවෘත කරමින් ඇමතිවරයා මේ බව පැවසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා,
ඇඹිලිපිටිය ප්‍රදේශය මහවැලි කලාපයට අයිති ප්‍රදේශයක්. නමුත් කාලාන්තරයක් තිස්සේ ජීවත්වන ජනතාවට හිමිකම් ඔප්පු සහ බලපත්‍ර නෑ. ඒ නිසා ඇමතිවරයා ලෙස මම නියෝග කරලා තියනවා මහවැලි ඉඩම්වල පදිංචි සියලූම දෙනාට මාස හයක් ඇතුළත ඒ අවශ්‍ය බලපත්‍ර සහ ඔප්පු ලබාදෙන ලෙස. මේවා තමුන්නාන්සේලාට තියන ගැටලූ සහ ප්‍රශ්න.
ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බලයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න ජනතාව අද තීරණය කරලා තියනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ දැන් ආණ්ඩුවට ඉන්නේ මන්ත්‍රීවරු හතයි. මේ මැතිවරණයෙන් තවත් එක්කෙනෙක් වැඩි කරලා ඒ කියන්නේ පොහොට්ටුවට මන්ත්‍රීධූර අටක් පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයි.
ජනාධිපතිතුමා ගත්ත තීන්දු තීරණ නිසා අද අපි නිරෝගීව ඉන්නවා. එහෙම නැත්නම් අද බොහෝ දෙනෙක් ජීවතුන් අතර නෑ. ඉන්දියාවට අද කොරෝනා රෝගය පාලනය කර ගන්න බැරි වෙලා. නිවැරදි තීරණ නිසයි ලංකාවට මේ රෝගය මර්දනය කළ හැකි වුණේ. පක්ෂ භේදයකින් තොරව හැම කෙනෙක්ම ඒක අගය කරනවා. ඒකත් අපේ ජයග්‍රහණයක පෙර නිමිත්තක්.
අපි අපේ තරුණ පරපුර ගැන හිතන්න ඕනෑ. ඒ වගේම නායකත්ව අර්බූදයකට ලක්ව ඇති එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් අද දෙකට බෙදිලා. අතරමං වෙලා. අපි ඒ අයව දිනා ගැනීමේ වැඩපිළිවෙලක් සැකසිය යුතුයි යැයිද පැවසීය.

popular news
-
කීවට බලපත්‍රය ඉල්ලුම් කරාට ලැබෙන්නේ නෑ... එකයි ගැටලුව Sunday, 14 August 2022 06:35 AM
වැඩක් නෑ.. කියනවා විතතරයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

