දින කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඉඩම් පනතට තමන් විරුද්ධ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා අද (26දා) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ඉඩම් පනතටත් මම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තුවට දාන්න යන ඉඩම් පනතෙන් රටේ ඉඩම් පුද්ගලික අංශයේ ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. ඉඩම් භාවිතය සම්බන්ධයෙන් නීති රීති ඉවත් කර තිබෙනවා. ඉඩම් කැබලි කිරිම අනුමත කරන්නේ පළාත් පාලන ආයතන.
මේ පනතෙන් පළාත් පාලන ආයතනවලට තවත් බලතල දීලා තිබෙනවා ඉඩම් කැබලි කිරීමට. වයඹ පොල්වතු විනාශ කරන්නේප්රා දේශීය සභා. කුඩා ඉඩම් කැබලි කැඩීම අපේ වගේ පුංචි රටකට සුදුසු නෑ.”