ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (21) සිය අමාත්‍යධුරයෙහි වැඩභාරගත් අතර, එම නිල උත්සවය අද පෙරවරුවේ ඉඩම් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි.
මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ලේකම් ඩබ් එම් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් එක්වූහ.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමා විසින් ආරම්භ කළ ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩපිළිවෙළ කඩිනමින් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි.
මධුශංඛ අබේගුණවර්ධන