ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1376 ඉක්මවා තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් 1,813,688ක් අරමුදලට ප්රදානය කර ඇති අතර චෙක්පත අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අවස්ථාවට එක්ව සිටියහ.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය රුපියල් 250,000ක් සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය රුපියල් 1,000,000ක් අරමුදල වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත භාර දුන්නේය. බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරු ද ඊට එක්වූහ.
හසන්ත ගුරුගේ මහතා රුපියල් 100,000ක් සහ බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය රුපියල් 28,739.17ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.
දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,376,767,920.06 කි.
