ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය යනු රටක පරාජයේ මාවත මිස ජයග්‍රහණයේ මාවත නොවන බව අනාගතය අපි තරුණ ව්‍යාපාරය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරයේ ජාතික සංවිධායක ඉසුරු ප්‍රසංග මහතා පවසන්නේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය යනු නූතන ලෝකයම ඉත සිතින් වැළඳගත්, අතිශය දියුණු ක්රමවේදයක්ය යන ප්‍රකට මිත්‍යාව රටේ බොහෝ පිරිස් අතර සුලබව පැතිර තිබෙන්නක් බවයි.
“පළමු වසරේ සිට ඉංගී්රසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම ගැන සලකා බැලිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පසුගියදා කළ ප්‍රකාශය ගැන අද කිසියම් සංවාදයක් මතුව තිබේ.
පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම රටේ දියුණුවට අත්‍යාවශ්‍ය ප්‍රවේශයක් වේය යන්න එතුමාගේ ස්ථාවරය බව අදාළ ප්‍රකාශයෙන් හොඳාකාරවම සනාථ වූ අතර, එය අතිශය වැරදි, බරපතළ හා හානිකර ප්‍රකාශයක් ලෙස අපි දකිමු.
ඉංගී්රසි මාධ්‍ය අධ්‍යාපනය යනු නූතන ලෝකයම ඉත සිතින් වැළඳගත්, අතිශය දියුණු ක්රමවේදයක්ය යන ප්‍රකට මිත්‍යාව අපේ රටේ බොහෝ පිරිස් අතර සුලබව පැතිර තිබෙන්නකි. එහෙත් මෙය කෙතරම් සාවද්‍ය පුහු නිගමනයක්ද යන්න මේ පිළිබඳ ලෝක අත්දැකීම් ඇසුරෙන් මනාව පෙන්වා දිය හැකිය.
ද්විතීක අධ්‍යාපනය කෙසේ වෙතත් මූලික අධ්‍යාපනය මව්බසින් ලබාදිය යුතුය යන්න යුනෙස්කෝ ආයතනය, ප්‍රකට අධ්‍යාපනඥයන් ඇතුළුව ලෝකයම පිළිගත් ප්‍රධාන මූලධර්මයකි. ඒ සම්බන්ධව සිදුකෙරුණු ශාස්ත්‍රීය හා ප්‍රායෝගික අධ්‍යයන තුළින් එය මැනවින් සනාථ වී තිබේ.
ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ඉංග්‍රීසියෙන් උගන්වනු ලබන්නේ ඇමරිකාව, කැනඩාව, බ්රිතාතාන්ය, ඔස්ට්‍රේලියාව වැනි ඉංග්‍රීසි මව්බස ලෙස සලකන රාජ්‍යයන් අතලොස්සක පමණක් වන අතර, ලෝකයේ සෙසු සෑම රටක්ම පාහේ මූලික අධ්‍යාපනය සඳහා සිය මව්භාෂාවන් භාවිත කරති. ලෝකයේ ඉහළම දියුණු අධ්‍යාපනයක් ඇතැයි සැලකෙන පින්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය ආදී සංවර්ධිත යුරෝපා රටවල් සියල්ලක්ම පාහේ ඊට නිදසුන් වෙයි.
එසේම ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, රුසියාව, චීනය, වියට්නාමය, ඊශ්‍රායලය ඇතුළු දියුණු ආසියාතික හා ආසියාතික නොවන රටවල තත්ත්වයද එයම වෙයි. ඊනියා ජාත්‍යන්තරය ජය ගැනීමට එම රටවලට භාෂාව කිසිදු බාධාවක් වී නැති අතර, ඔවුහු ඉංග්‍රීසිය හුදු අමතර බසක් ලෙස පමණක් හදාරති.
ලංකාව කුඩා රටක් නිසා තම භාෂා උරුමය අත් හළ යුතු යැයි ඇතමුන් පවසන නමුදු ලංකාවට වඩා කුඩා රටවල් 74ක් ලෝකය පුරා තිබේ. මේ රටවල් අතරින් දහතුනක්ම ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම, සයිප්‍රසය, නෙදර්ලන්තය, ලැට්වියාව, ස්ලෝවැකියාව, ඊශ්‍රායලය වැනි දියුණු රටවල් වන අතර, ඒ සෑම රටකම ජනගහනයද ලංකාවට වඩා අඩුය.
එහෙත් මේ කිසිම රටක් භූමියේ තරම හෝ ජනගහනය ගැන සිතා තම භාෂා උරුමය අතහැර නැත. විශේෂයෙන්ම ඊශ්‍රායලය පිහිටවූ යුදෙව් ජාතිකයෝ මළ භාෂාවක් වී තිබූ හිබෲ භාෂාවට පවා නැවත පණ දෙමින්, එය තම ජාතික භාෂාව හා අධ්‍යාපන මාධ්‍ය ලෙස තෝරා ගත් බව ලංකාවේ අධ්‍යාපන බලධාරීන්ට මතක් කර දිය යුතුය.
සිංගප්පූරුව ඉංග්‍රීසි අධ්‍යාපනයට වැඩි තැනක් ලබාදී තිබුණද, ඔවුන් පවා තම ස්වභාෂා සපුරා අතහැර නැත. අනෙක් අතින් සිංගප්පූරුව යනු මෑත කාලීනව ජනාවාස වූ කුඩා භූමි ප්‍රදේශයක් මිස ලංකාව වැනි ඓතිහාසික භාෂා උරුමයක් සහිත රාජ්‍යයක් නොවේ.
තම භාෂා උරුමය අතහැර ඉංග්‍රීසි, ප්‍රංශ වැනි යටත්විජිතවාදීන්ගේ භාෂා අධ්‍යාපන මාධ්‍ය බවට පත් කරගත් රටවල් ප්‍රමාණයක් ලෝකයේ ඇති බව සැබෑය. එහෙත් එවැනි තීරණ ගෙන ඇත්තේ දියුණු ජාතික භාෂාවක් නැති, අක්ෂර මාලා ආදියෙන් තොර, නොදියුණු ගෝත්‍රික භාෂා සිය ගණනක් සහිත අප්‍රිකානු රටවල් ඇතුළු රටවල් අතලොස්සක පමණි.
සූඩානය, සැම්බියාව, බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකාව, ගැම්බියාව, ගැබෝන්, කෙන්යාව, ඝානාව, මලාවි, ලයිබීරියාව, ඩොමීනිකා, බොස්ට්වානා, සියරා ලියෝන්, බාබඩෝස්, බහාමාස්, පැපුවා නිව්ගිනියා වැනි රටවල් ඊට උදාහරණ වෙයි.
එහෙත් ලංකාව යනු සියවස් ගණනාවක කාලයක් තිස්සේ පරිණාමය වූ ප්‍රබල ප්‍රකාශන ශක්තියකින් සමන්විත ලෝකයේ ඉතා දියුණු භාෂාවකට හා සාහිත්‍යයකට උරුමකම් කියන රටකි. අපගේ සංස්කෘතිය, ඉතිහාසය, සාහිත්‍ය, ජනශ්රැතිය ආදිය සහ ඒ සියල්ල මත පදනම්ව ගොඩනැගෙන අපේ චින්තනය ප්‍රධාන වශයෙන්ම පදනම් වී ඇත්තේ අපේ බස වූ සිංහලය මතය. ලංකාව වැනි රටක ඓතිහාසික භාෂා උරුමය විනාශ කිරීම යනු එම ජාතියේ සාමූහික මනස, සභ්‍යත්ව විඥානය දුර්වල කොට ඔවුන් අක්මුල් නැති, සිත් පිත් නැති, නන්නත්තාර පරම්පරාවක් බවට පත් කිරීමකි.
අනිවාර්යෙන්ම අපේ මූලික අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් විය යුතු අතර, දෙවන බසක් ලෙස ඉංග්‍රීසි සාර්ථකව ඉගැන්විය යුතුය. ඒ වෙනුවෙන් මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනයේ ඇති දුර්වලතා නිවැරදි කළ යුතුය. සැබෑ ලෙසම ලෝකය ජයගැනීමේ ප්‍රවේශය එවැන්නක් මිස ඉංග්‍රීසි බැරිකමේ රෝගයට පිළියම ලෙස ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම වැනි විකාර සහගත යෝජනා ඉදිරිපත් කිරීම නොවේ.”