පාතාල කල්ලි ඉක්මනින් මැඩ පැවැත්විමට කටයුතු කරන බවත් එයට සැලසුමක් සකස් කර ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.්
ගම්පහදී අද (25දා) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"දැනට අපි පරීක්ෂණ පවත්වාගෙන යනවා. එයට අපි සැලසුමක් සකස් කර තිබෙනවා. විශේෂයෙන්ම පොලීසිත් ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයත් එකතු වෙලා ත්‍රිවිධ හමුදාවත් එක්වෙලා ජනපතිවරයාගේ නියෝගයක් අනුව වැඩපිළිවෙළක් හදනවා. පාතාල සංවිධාන ටික තුරන් කිරීමට. ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. එක එක කල්ලි මතුවෙලා තිබෙනවා පසුගිය දවස්වල. නමුත් ඒවා මැඩ පවත්වා නීතිය සාමය රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරනවා.
යුද්ධයෙන් පසුව එක එක කල්ලිවලට ලැබිලා තිබෙනවා. පසුගිය කාලයේ හංගන් ඉදගෙන එක එක අපරාධ කරන්න දැන් එවා භාවිත කරනවා. කොහොම වුණත් ඒ ගැන අපි දැන් පරීක්ෂණ පවත්වාගෙන යනවා. දැන් සාර්ථක වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා."