ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු සෙබලුන් ඉවත් කරගැනීමට ඇමෙරිකාව සූදානම් වන අවස්ථාවේදී එරට ආරක්ෂාව තහවුරු කරමින් චීනය විසින් ඇෆ්ගනිස්ථානය සමග ත්රස්තවාදයට එරෙහි ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමටත්, එරට ත්‍රස්ත විරෝධී හැකියාවන් ශක්තිමත් කරමින් උදව් කිරීමට කැමැත්තෙන් සිටින බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පවසයි.
සඳුදා ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍ය මොහොමඩ් හනීෆ් අට්මාර් සමග දුරකථන සංවාදයක් අතරතුර වැන්ග් මේ බව ප්‍රකාශ කර තිබේ.
රටේ සාමය හා සංහිඳියා ක්‍රියාවලිය සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කිරීම සඳහා චීනය ඇෆ්ගනිස්ථාන රජයට අඛණ්ඩව සහාය දෙන බව මෙහිදී වැන්ග් පැවසීය. ත්‍රස්තවාදය යළි නැගිටීම වළක්වා ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයේ සුමට සංක්‍රාන්තියක් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට සහයෝගය දක්වමින්, ඒවා කි‍්‍රයාත්මක කරන ලෙස චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
ජාත්‍යන්තර ප්‍රජාව, විශේෂයෙන් කලාපයේ රටවල්, ඇෆ්ගනිස්ථාන ජනතාවට රටේ සාමය හා ප්‍රතිසංස්කරණයේ ඵලයන් පවත්වා ගෙන යාමට සහ ශක්තිමත් කිරීමට උපකාර කළ යුතු බවද වැන්ග් පැවසීය.
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිගේ ජාතික ආරක්ෂක උපදේශක හම්දුල්ලා මොහිබ් සමග සඳුදා පැවති තවත් දුරකථන ඇමතුමකදී වැන්ග් අවධාරණය කළේ චීනය ඇෆ්ගනිස්ථාන ප්රමුඛ, ඇෆ්ගනිස්ථානයට අයත් මූලධර්මයන් අනුමත කරන බවත් සාමකාමී මාර්ගයෙන් පුළුල් හා සියල්ල ඇතුළත් දේශපාලන විසඳුමක් සොයා ගැනීමට ඇෆ්ගනිස්ථානයේ සියලු පක්ෂවලට සහාය දෙන බවත්ය.
දේශීය ප්රතිසන්ධාන ක්‍රියාවලියේ තීරණාත්මක අවස්ථාවකදී එක්සත් ජනපදය ඒකපාර්ශවිකව හමුදා ඉවත් කර ගැනීම ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වයට අවිනිශ්චිතතාවයක් ගෙන ආවත්, ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් කැපවන බවත්, එරට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්රජාවේද පොදු අපේක්ෂාවන් මල්ඵල ගන්වන බවත් වැන්ග් පැවසීය.
මෙම ක්‍රියාවලියේදී සියලු පාර්ශ්වයන් ඉවසීම සහ හොඳ හිත පවත්වා ගත යුතු අතර ප්රචණ්ඩත්වය නැවැත්වීමට හා ගැටුම් නැවැත්වීමට උත්සාහ කළ යුතු අතර සාම සාකච්ඡා සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතු බව වැන්ග් කීය.
ඇෆ්ගනිස්ථානයේ අනාගත නායකත්වය මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, සාමයේ විදේශ ප්‍රතිපත්තියක් ප්‍රවර්ධනය කිරීම, අසල්වැසි රටවල් සමග මිත්‍රත්වය පවත්වා ගැනීම සහ සියලු ආකාරයේ ත්රස්තවාදයට තදින් සටන් කිරීම යන කරුණු ද වැන්ග් මෙහිදී බලාපොරොත්තු වී තිබේ.
චීනය සමග ඇති සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය දැඩි ලෙස කැපවී සිටින බවත්, ද්විපාර්ශ්වික, ප්‍රායෝගික හා ත්‍රස්ත විරෝධී සහයෝගීතාව ගැඹුරු කිරීම මෙන්ම කලාපීය සහයෝගීතාව ඉදිරියට ගෙනයාම පිළිබඳව චීනය සමග උපායමාර්ගික සංවාදයක් හා සන්නිවේදනයක් පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ඇට්මාර් පැවසීය.
චීනය ඇෆ්ගනිස්ථානයට ලබාදුන් ශක්තිමත් සහයෝගය මෙන්ම මානුෂීය හා සංවර්ධන ආධාර පිළිබඳවද ආට්මාර් අගය කළේය.
ඇෆ්ගනිස්ථානයේ සාමය හා සංහිඳියා ක්‍රියාවලියට සහාය දැක්වීමේ දී චීනයේ අඛණ්ඩ ධනාත්මක කාර්යභාරය ඇෆ්ගනිස්ථාන පාර්ශවය බෙහෙවින් අගය කරන අතර ඇෆ්ගනිස්ථානයේ සහ කලාපයේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සම්බන්ධීකරණයෙන් චීනය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඇට්මාර් පැවසීය.
සාම ක්‍රියාවලියට චීනය දක්වන දැඩි සහයෝගයට ඇෆ්ගනිස්ථානය ස්තූතිවන්ත වන අතර ද්විපාර්ශවික වශයෙන් සහ එක්සත් ජාතීන්ගේ රාමුව තුළ මේ සම්බන්ධයෙන් චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව මොහිබ් පැවසීය.