ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමග සංවර්ධනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් භාවිතය නතර කිරීමට තරම් හේතුවක් දැනට නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් පවසා සිටියි.
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් සිද්ධීන් කිහිපයක රුධිර කැටි ගැසීමේ වර්ධනයක් වාර්තා වීමෙන් පසු විශේෂයෙන් යුරෝපයේ රටවල් ඇතුළු ලොව පුරා රටවල් පෙළක් එම එන්නත් ලබාදීම නතර කර ඇති පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් මෙම නිවේදනය සිදුකර තිබේ.
ඇයගේ මෙම ප්‍රකාශයට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් කියා සිටියේ, "ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව ආරක්ෂිත සංඥා ක්‍රමානුකූලව සමාලෝචනය කරන අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ වර්තමාන වාර්තා හොඳින් තක්සේරු කරමින් සිටිනවා. මේ සිදුවීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ අපගේ වර්තමාන නිර්දේශයන්හි යම් වෙනසක් වහාම මහජනතාවට දැනුම් දීමට කටයුතු කරනවා." යනුවෙනි.
කෙසේ වෙතත් කොවිඩ්-19 එන්නත් මගින් මෙතෙක් කිසිදු මරණයක් සිදුවී නොමැති බව සොයාගෙන ඇති බව වැඩිදුරටත් පවසා තිබුණු ටෙඩ්රොස්, ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව සිය සමාලෝචනයන් සිදුකරන අතරතුර ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත ලබාදීම අඛණ්ඩව සිදුකරන ලෙසද එහිදී ඉල්ලා තිබුණි.
ඉන් අනතුරුව ජිනීවාහි පැවති සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස්ද මාධ්‍යවේදීන් අමතමින්, "අපි මරණ පිළිබඳ දත්ත සමාලෝචනය කර තිබෙනවා. මේ දක්වා කිසිදු මරණයක් එන්නත් කිරීම නිසා සිදුවී ඇති බව ඔප්පු වී නැහැ." යැයි ප්‍රකාශ කළාය.
එමෙන්ම පසුගිය බදාදා වනවිට යුරෝපයේ අවම වශයෙන් මිලියන පහක ජනතාවකට ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලැබී ඇති අතර, එම සංඛ්‍යාවෙන් රුධිර කැටි ගැසීම් සිද්ධීන් වර්තා වී ඇත්තේ 30ක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එසේම ඇතැම් රටවල් අත්හිටුවා තිබියදීත්, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, මෙක්සිකෝව සහ පෝලන්තය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කරන බවත්, එන්නත ලබන්නන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉහළ යන අවදානමක් ඇති බවට සාක්ෂි නොමැති අතර, දැනට එන්නත ලබාගෙන ඇති මිලියන ගණනක් පිරිස අතර ඉතා සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වන බවත් ඇස්ට්‍රාසෙනකා සමාගම සිය විශ්ලේෂණය ඉදිරිපත් කරමින් පවසා තිබුණි.