ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටවූ රටවල් අතරට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, රුමේනියාව, පෘතුගාලය සහ ජර්මනිය අලුතින්ම එක්ව තිබේ.
මෙම එන්නත ලබාගත් ඇතැම් පිරිස් වෙත රුධිර කැටි ගැසීම් වර්ධනය වීමක් ගැන වූ ආන්දෝලනයත් සමග මේ ආකාරයෙන් මතු ආරක්ෂක පියවරක් ලෙස එම රටවල් මෙම පියවර ගෙන ඇති බව කියයි.
මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලැබීමෙන් දින 13කට පසු යුක්රේනයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වික්ටර් ලියාෂ්කෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක වී ඇති බවද ඔහු අනාවරණය කර තිබේ.
මීට පෙර යුරෝපයේ තවත් රාජ්‍යයන් රැසක් මේ ආකාරයෙන්ම එන්නත භාවිත කිරීම තාවකාලිකව අත්හිටවූ අතර, රුධිර කැටි ගැසීම් වර්ධනයන් සෘජුවම එන්නත සමග සම්බන්ධයක් ඇතිද යන්න පිළිබඳ විශ්ලේෂණයන් සඳහා මෙම තාවකාලික විරාමය ලබාගත් බව කියයි.