යුරෝපීය කොමිසම පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් සිය කොවිඩ්-19 එන්නතෙන් තවත් මාත්‍රා මිලියන 9ක් පළමු කාර්තුවේදී යුරෝපා සංගමයට ලබාදීමට පොරොන්දු වූ බවයි.
කොවිඩ්-19 එන්නත් ලැබීමේ හිඟයක් හේතුවෙන් ඇස්ට්‍රාසෙනෙකා සමග ඇති වූ දැඩි මතභේදයක් මධ්‍යයේ යුරෝපා කොමිසම මෙම පුවත හෙළි කළේය.
යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් විසින් මෙය ඉදිරි පියවරක් ලෙස ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, මුළු මාත්රාවලින් මිලියන 40ක් මේ වනවිට පොරොන්දු වී ඇති බවය. එය පෙර ඉල්ලුමට වඩා හොඳ නමුත් මුලින් අපේක්ෂා කළ මාත්‍රාව මිලියන 100කට වඩා බෙහෙවින් අඩු බවද ඇය කීවාය.
කෙසේ වෙතත් වොන් ඩර් ලේන් පැවසුවේ එන්නත් බෙදාහැරීම් නියමිත කාලයට වඩා සතියකට පෙර ආරම්භ කරන බවයි. එහිදී සමාගම යුරෝපයේ සිය නිෂ්පාදන ධාරිතාවය පුළුල් කරනු ඇති බවද ඇය කියා සිටියාය.
මේ වනවිට තමන්ගේ එන්නත් ජාතිකවාදය හමුවේ ලොව එන්නත් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් බලවත් රාජ්‍යයන් වෙත ලබාගැනීම සඳහා ඔවුන් සටන් වදින්නේ මේ ආකාරයෙනි.