ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශක කණ්ඩායමක් විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත භාවිත කිරීම පිළිබඳ මාර්ගෝපදේශය යාවත්කාලීන කර ඇත්තේ, එන්නත ලබාගත් පුද්ගලයින් තුළ වාර්තා වී ඇති දුර්ලභ නමුත් දරුණු රුධිර කැටි ගැසීම් ඇතිවීමේ අවදානම සමගය.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ එන්නතෙහි ප්රතිලාභ අවදානම්වලට වඩා වැඩි බව තවමත් ඔවුන් විශ්වාස කරන බවයි.
එන්නත එන්නත ලබාදීමෙන් පසු දින හතරක් හෝ 20ක් පමණ කාලයක් තුළ ත්‍රොම්බොසිස් සමග ත්‍රොම්බොසයිටොපීනියා සින්ඩ්‍රෝම් නමින් හැඳින්වෙන දුර්ලභ රුධිර කැටි ගැසීමේ සිදුවීම වාර්තා වී ඇති බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ උපදේශක කණ්ඩායම එහි මගපෙන්වීමෙහි සඳහන් කර ඇත.
රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තාවල යම් භූගෝලීය වෙනසක් සිදුවී ඇති බවද කණ්ඩායම සඳහන් කළේය.
ඒ අනුව යුරෝපයෙන් පිටත ඇති අවදානම තක්සේරු කිරීම සඳහා තවදුරටත් දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම අවශ්‍ය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කෙසේ වෙතත් ගර්භිණීභාවය මෙම අවදානම සමඟ සම්බන්ධ වී තිබේද යන්න පැහැදිලි නැති බවත්, තවද වැඩි දත්ත එකතු කරන අතරතුර නිර්දේශ යාවත්කාලීන කළ හැකි බවත් උපදේශක කණ්ඩායම සටහන් කරයි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ ගර්භිණී කාන්තාවන් සඳහා එන්නත භාවිත කිරීම එක් එක් කාන්තාවට ලැබෙන ප්‍රතිලාභය, අවදානම ඉක්මවා ගියහොත් පමණි.
එමෙන්ම වැඩිහිටියන් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ වඩාත් ශක්තිමත් දත්ත මෙම මාර්ගෝපදේශයට ඇතුළත් විය. එක්සත් ජනපදයේ එන්නත පිළිබඳ තුන්වැනි අදියර අත්හදා බැලීම උපදේශක කණ්ඩායම විසින් උපුටා දක්වන ලද අතර, එය වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 85% ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කර තිබේ.