ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ ඇස්ට්‍රාසෙනෙකා හි නවතම කොවිඩ්-19 එන්නත ආරක්ෂිත සහ 70%ක් පමණ ඵලදායී බව ඒ පිළිබඳ නව ප්‍රතිඵලවලින් අනාවරණය වෙයි.
කෙසේ වෙතත් වයස අවුරුදු 55ට වැඩි අයව ආරක්ෂා කිරීමට එය කොතරම් දුරට උපකාරී වේද යන්න පිළිබඳ තවදුරටත් ගැටලු පවතින බවද සඳහන් වෙයි.
එනමුදු සෞඛ්‍ය නිලධාරීන් විශ්වාසය තැබීමට බලාපොරොත්තු වන එන්නතක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා සැලකෙන්නේ, එහි අඩු පිරිවැය, ලොවපුරා පහසුවෙන් ලබාගත හැකිවීම සහ භාවිතයේ පහසුවයි.
ප්රතිඵලවල යම් ව්‍යාකූලත්වයක් සහ වෙනත් එන්නත් අපේක්ෂකයින් පෙන්වා ඇති ප්‍රමාණයට වඩා අඩු ආරක්ෂාවක් තිබියදීත් මේ තත්ත්වය තුළ ප්‍රවීණයන් පවසන්නේ එන්නත අනුමත කිරීමට ඉඩ ඇති බවය.
ලැන්සෙට් වෛද්‍ය සඟරාව අඟහරුවාදා එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවල එන්නත් පරීක්ෂණයෙන් අර්ධ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. කෙසේ වෙතත් මෙම එන්නත පිළිබඳ ගැටලුවක් මතුවූයේ, එහි සායනික පරීක්ෂණවලට සහභාගී වූ ඇතැම් පිරිස් අපේක්ෂිත පරිදි සම්පූර්ණ මාත්‍රාවන් දෙකකට වඩා අඩුවෙන් මාත්‍රාවන් ලබාගෙන තිබීමය.
ඒ අනුව පර්යේෂකයන් කියා සිටින්නේ සම්පූර්ණ මාත්‍රාවන් දෙකක් ලබාදුන් අයගෙන් 62%ක් සහ මුලින් අර්ධ මාත්‍රාව ලබා දුන් අයගෙන් 90%ක් තුළ එන්නත මගින් ප්‍රතිශක්තියක් ඇතිකර තිබෙන බවය. කෙසේ වෙතත්, ස්වාධීන විශේෂඥයන් පවසා ඇත්තේ දෙවැනි කණ්ඩායම පුද්ගලයන් 2,741ක් තරම් කුඩා බවය. එම ප්රවේශයේ ඇති වටිනාකම විනිශ්චය කිරීමට සහ තවත් පරීක්ෂණ අවශ්‍ය බව ඔවුන් කියයි.
එමෙන්ම අර්ධ මාත්‍රා කාණ්ඩයට 55 ට වැඩි කිසිවෙකු ඇතුළත් වී නොමැති අතර අධ්‍යයනයේ අනෙක් අය අතර එම වයස් කාණ්ඩයේ සිට ඇත්තේ 12%ක් පමණි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා බලාපොරොත්තුව ඉහළ මට්ටමක පවතින්නේ, එය ලබා දීමට පැය කිහිපයකට පෙර අනෙක් එන්නත් අපේක්ෂකයන් මෙන් කැටි කිරීම අවශ්‍ය නොවන බැවිනි. මෙම එන්නත සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වවලදී ප්‍රවාහනය කළ හැකි වෙයි.