නීතිවිරෝධි ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධ ඇවන්ට්ගාඩ් නඩුව ඊයේ (13) කැඳවූ අතර එය ලබන පෙබරවාරි 21දා දක්වා කල් තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එහිදී නියෝග කළේය.
එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීම නිසා මෙසේ කල් තබා තිබේ.
ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා වු ගෙනඩි ගැව්රිලොව්, පාවෙන අවි ගබඩාවේ අවි භාරකරු වන ඇල්බට් විජේතුංග තිලකරත්න සහ එහි මෙහෙයුම් කළමනාකරු වන සුමුදු නිලුපුල් කොස්තා යන සැකකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
හනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්