මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
ඒ එම නඩුව අද (05දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාගයට ගැනුණු අවස්ථාවේදීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ලසන්ත කෝදාගොඩ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, 2018-06-29 වැනිදා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම සැකකරුවන් රැඳී සිටි වාට්ටුව පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබී දුරකථන 03ක් හා සිමි කාඩි 05ක් හමුව ඇති බවයි.
සොයා ගත් දුරකථන අතරින් එක් දුරකථනයක් අර්ජුන් ඇලෝසියස් මහතා සිටි කොට්ටය හා මෙට්ටය අතර සඟවා තිබී ඇති බවත් එහිදී අනාවරණ කරගෙන තිබේ.
ඒ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාට සහ එම සමාගමේ අධ්යක්ෂවරුන් 6 දෙනෙකුට විදේස්ගත වීමේ තහනමක්ද මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර තිබේ.
