නායයාම් හා ගල්පෙරළිමේ අවදානමක් නිසා තාවකාලිකව වසා දමා තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වාහන ගමනාගමනය අද (13) ආරම්භ කළ බව ආපදා කළමනාකරන බදුල්ල දිස්ත්රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් උදය කුමාර මහතා පැවසීය.
මෙම මාර්ගයේ රාවණාඇල්ල අභය භූමියට අයත් කොටසකි.
මී. 24 සහ 25 යන කණු අතර ප්රදේශයේ මෙම ආපදා තත්ත්වය ඇතිවීම නිසා මාර්ගය ඉකුත් 25 වනදා සිට වසා දමා තිබිණ .
ගල් හා පස් ඉවත්කර එක් මං තීරුවක් අවහිරතා ඉවත්කර ඇති අතර එම ස්ථානයේ තනිමං තිරුවේ වාහන ගමනාගමනය කළහැකි බව ඇල්ල පොලීසිය සඳහන් කළේය .
අවදානම් තත්ත්වය මුළුමනින්ම අවසන්වි නැති බැවින් රාත්රී කාලයේ වාහන ගමනගමනය කිරීමට පියවර නොගන්නා ලෙසත් දිවාකාලයේද විමසිලිමත්ව රිය පැදවිය යුතු බවත් පොලීසිය සඳහන් කළේය.
බදුල්ල - පාලිත ආරියවංශ